/** * * * adsense */

කොන්ඩදෙනියේ හාමුදුරැවෝ – kondadeniye Hamuduruwo

හැරීපොටර් වැනි කථාංග සදහා වෙන් වූ කාලය අපේම රටේ බිහි වූ සත්‍ය චරිත සදහා ද වෙන් වූවා නම්, වීර දුටු ගැමුනු, රාහුල හිමි, කුංකුනාවේ හාමුදුරැවෝ,…

මහා භාද්‍රකලි දේවමෑණියන්ගේ උත්පත්ති කථාව (උප්පත්ති කථාව)

ශ්‍රී ලාංකීය ජනයා අතර ගෞරවයටත් වන්දනාමානයටත් පාත්‍රව ඇති භද්‍රකාලි මෑණියන් යනු ඉතා ගරු ගාම්භීර බලසම්පන්න දේවාත්මයකි. බොහෝ බැතිමතුන් ඇය ‍හදුන්වන්නේ නරකට, නපුරට දඬුවම් කරන‍ෙ සැර පරුෂ නපුරු දේවතාවියක්‌ සේ පමණක්‌ සැලකුවද අයහපතින් මිදී භක්‌තිමත්ව කටයුතු කරන්නන් හට ඉතාමත් ආදරයෙන් කරුණාවෙන් තම පිහිට ලබාදෙන සෙත සලසන දේවාත්මයකි.

මතක තබාගන්න ඔබ පින්වන්ත නම්, සීලය – ප්‍රතිපත්තිය රැකගෙන සිටිනවා නම් බිය වන්නට හේතුවක් නැත..

නම ඇසූ පමණින් හිත ගත සසල කළ හැකි මහා තේජසකින් යුතුව අවුරුදු දහස්‌ ගණනක්‌ මුළුල්ලේ අප්‍රමාණ බැතිමතුන්ගේ දහසකුත් එකක්‌ දුක්‌ දොම්නස්‌ දුරුකර ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකර දීමෙන් ඉමහත් ගෞරව පූජෝපහාරයන්ට බඳුන් වූ මහා භද්‍රකාලි දේව මෑණියන්ට දේව නාමාවලියෙහි හිමිවන්නේ ඉහළම තැනකි.  ශ්‍රී විෂ්ණු, කතරගමසමන්පත්තිනි, ඊශ්වර, මහා භද්‍රකාලී, දැඩිමුණ්‌ඩ දෙවිවරු සිරිලක මහේශාක්‍ය දේව මණ්‌ඩලයට අයත් වෙති. දේව උත්පත්ති කතාවලට අනුව මේ සියලු දෙවිවරුන් පැවත එන්නේ ඉන්දීය සම්භවයකිනි. මේ නිසා මහා භද්‍රකාලි හින්දු කෝවිල්වලට පමණක්‌ සීමාවූ දෙවඟනක්‌ ලෙස සමහරුන් දරන අදහස නිවැරැදි වූවක්‌ නොවේ. Read more about මහා භාද්‍රකලි දේවමෑණියන්ගේ උත්පත්ති කථාව (උප්පත්ති කථාව)

error: Content is protected !!